අපරාධ නීතිය   7 comments

අපරාධ නීතිය විවිධ නීති ක්ෂේත්‍රයන් අතරින් සාමාන්‍ය ජීවිතයට ඉතා සමීප නීති ක්ෂේත්‍රයකි.බොහෝ පුරවෑසියන්ට තම ජිවිතය තුල අපරාධ වින්දිතයෙකු බවට පත් වීමට සිදු වේ.ඈතෑම් විටක අපරාධ වරදකට සෑක කරන අත් අඩ0ගුවට පත්වීමට ඉඩ ඈත.ඈතෑම් විටක අපරාධ නඩුවක විත්තිකරුවකු වීමට ඉඩ ඈත.සුලු පිරිසක් අපරාධ නඩුවල දී වරදකරු වී දඩුවම් ලෑබීමට ලක්වෙති.

දණ්ඩ නීති සංග්‍රහය

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා ගත කර ඈත.1883 දී පණවන ලද දණ්ඩ නීති සංග්‍රහය මෙරට අපරාධ නීතිය අන්තර්ගත ව්‍යවස්ථා ගත ප්‍රධානතම ව්‍යවස්ථාවයි.අපරාධ විශාල සංඛාවක් අර්ථ නිරුපණය කර එම එක් එක් වරද සදහා නියමිත දඩුවම එම සංග්‍රහයේ දක්වා ඈත. ඊට අමතරව පොදුවේ සියලු අපරාධ වලට බලපාන පොදු මූල ධර්ම ද එහි විස්තර කර ඈත.පොදු මූල ධර්ම සදහා උදා: ආත්ම ආරක්ෂාවේ නීතිය.


වෙනත් දණඩන නීති

අපරාධ වෑරදි අර්ථ නිරුපණය කර, නියමිත දඩුවම් සදහන් කර ඈති ආඥා පනත් සහ පනත් සිය ගණනකි.එයින් වෑදගත්ම සහ ප්‍රකට නීති කිහිපයක් හදුනාගනිමු.

  1. ත්‍රස්තවාදය නෑවෑත්වීමේ විධිවිධාන පණත.

  2. මෝටර් රථ වාහන පණත.

  3. කෑලෑ ආඥා පණත.

  4. තුවක්කු ආඥා පණත.

  5. පීඩාකාරි ආයුධ පණත.

අපරාධ නඩු විභාග කිරිමට බලය ඈති අධිකරණ

  1. ප්‍රාථමික අධිකරණය.

  2. මහේස්ත්‍රාත් අධිකරණය.

  3. මහාධිකරණය.

අපරාධ නඩු විභාග කිරිමේ කාර්ය පටිපාටිය

ප්‍රාථමික අධිකරණය විසින් අපරාධ නඩු විභාග කිරිමේ දි 1979 අ0ක 44 දරණ ප්‍රාථමික අධිකරණ නඩු විභාග මහාධිකරණය විසින් නඩු විභාග කිරිමේ දී 1979 අ0ක 15 දරණ අපරාධ නඩු විභාග පණත ද භාවිතා කරයි.එම ප්‍රතිපාදන වලින් බෑහෑර වී නඩු විභාග කිරිමට විනිශ්චකරුවන්ට නොහෑකිය.

අපරාධ නඩුවක් ඔප්පු කිරිම

අපරාධ චෝදනාවකට ලක් වී ඈති තෑනෑත්තෙකුට එරෙහිව ඈති චෝදනා සාක්ෂි මගින් ඔප්පු කල යුතුය.ඈසින් දුටු සාක්ෂි මගින් මෙන්ම පරිවේෂණීය සාක්ෂි මගින් විත්තිකරු වරදකර ඈති බව ඔප්පු කල යුතුය. ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අනුව අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඈති චෝදනාව ඔප්පු කිරිම සම්පුර්ණයෙන්ම පෑමිණිල්ල සතු වගකීමකි.අපරාධ නඩුවක දී විත්තිකරු විසින් වරද සිදු කර ඈති බව ඉතා ඉහල මට්ටමකින් ඔප්පු කල යුතුය.අපරාධ නඩුවක චෝදනාව සාධාරණ සෑකයට ඔබ්බට පෑමිණිල්ල විසින් ඔප්පු කල යුතු බව කියනු ලෑබේ.

නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවේ සහතික කර ඈති මූලික නිතියකි.අපරාධ චෝදනාවට ලක් වී ඈති ඕනෑම අයෙකු පිලිබදව පොලිසිය හා අධිකරණය විසින් කටයුතු කරන විට එම චුඩිතයා අහිංසක යන පදනම මත ඔහු පිලිබද කටයුතු කල යුතුය යන්න මෙහි අර්ථයයි.සාවද්‍ය ක්‍රියාව සහ සාවද්‍ය චේතනාව අපරාධයක් “සාවද්‍ය ක්‍රියාව” යන දෙවෑදෑරුම් අ0ගයන්ගෙන් සමන්විත වේ.යම් තෑනෑත්තකුට අපරාධ වරදකට වරදකරු කල හෑක්කේ එකී අ0ග දෙකම සම්පුර්ණ වී ඈති විට පමණි.

අපරාධ වගකීම/ ඉවත් වන /සීමා කරන විශේෂිත අවස්ථා

1. ලාබාල වයස

වයස අවුරුදු 8 ට අඩු දරුවකු කරන කිසිම ක්‍රියාවක් වරදක් නොවේ.එම දරුවාට දඩුවම් කල නොහෑක.කෙසේ වෙතත් වයස අවුරුදු 8 ත් – 10 ත් අතර වයස දරුවන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් පිලිබද දඩුවම් කිරීමේ දී එම දරුවාගේ බුද්ධිය ක්‍රියාවේ ප්‍රතිථල අවබෝධ කර ගෑනිමට තරම් මෝරා තිබේ ද යන්න අධිකරණය විසින් සොයා බලයි.සාක්ෂි ආඥා පනතේ 113 වගන්තිය අනුව වයස අවුරුදු 12 ට අඩු පිරිමි ලමයෙකුට ස්ත්‍රී දූෂණ වරද සිදු කල නොහෑකිය.එය බිද හෙලිය නොහෑකි පූර්ව නිගමනයකි.

2. සිහි විකලත්වය

තම ක්‍රියාවේ ප්‍රතිථලය දෑන ගෑනිමට නොහෑකි වන තරමට සිහි විකලයට පත්ව ඈති තෑනෑත්තකු කරනු ලබන කිසිවක් සදහා දඩුවම් කල නොහෑකිය.

3. අහඹුව

නීත්‍යානූකූල ක්‍රියාවක් කිරිමේ දී අහම්බෙන් සිදු වන කිසිවක් වරදක් නොවේ.එවෑනි ක්‍රියාවක් කරන අයෙකුට දඩුවම් කල නොහෑකිය.

සෘජුවම තමන් විසින් වරදක් නොකරන ලද නමුත් එම ක්‍රියාදාමයට සහභාගිත්වයක් දෑක්වීමේ හේතුව මත අපරාධ වෑරදි සදහා වගකිව යුතු අවස්ථා 2 ක් දණ්ඩ නීති ස0ග්‍රහයේ විස්තර කර ඈත.

1. පොදු චේතනාව

සියල්ලන්ගේ පොදු අදහස ඉෂ්ට කර ගෑනීමට කිහිප දෙනෙකු අපරාධයක් කල විට තමා විසින්ම එම අපරාධය තනිව කරන ලද්දක් සේ එකී එක් එක් තෑනෑත්තා එම අපරාධයට වගකිව යුතුය.එම මූල ධර්මය අදාල කර ගෑනිමට අදාල ක්‍රියාවට 2 හෝ ට වෑඩි ගණනක් සහභාගි විය යුතුය.

2. නීති විරෝධි රැස්වීම

පස් දෙනෙකු හෝ වෑඩි පිරිසක් අපරාධ කිරිමේ පොදු පරමාර්ථයෙන් යුක්තව රැස් වී ඈත් නම් එම රැස්වීම නිති විරෝධි රැස්වීමකි.

3. නීති විරෝධි රැස්වීමකට සහභාගි වීම

එනයින්ම අපරාධ වරදකි.එම රැස්විමේ සිටි සියලු දෙනා එම වරද සදහා වෙන් වෙන්ම වරදකරු වේ.

ආත්මාරක්ෂාවේ අයිතිය(පුද්ගලික ආරක්ෂාවේ අයිතිය )

මෙම අයිතිය ශරීරය ආරක්ෂා කිරිමට පමණක් නොව දේපල ආරක්ෂාව සදහා ද භාවිතා කල හෑකිය.වරද සිදු කරන්නාට එරෙහිව බලය පාවිච්චි කිරීමට සාමාන්‍ය පුරවෑසියන්ට ද අයිතියක් ඈත.

1. ශරීරය ආරක්ෂා කර ගෑනීමට

1.1. තමන්ගේ

1.2 අනුන්ගේ

2. දේපල ආරක්ෂා කර ගෑනීමට

2.1 තමන්ගේ

2.2 අන් අයගේ

නමුත් මෙම අයිතිය භාවිතා කිරිමේ සීමාවන් ද දණඩ නීති සංග්‍රහයේ විස්තර කර ඈත.වරදකරුගේ මරණය සිදු කිරිම දක්වා බලය පාවිච්චි කල හෑක්කේ පහත සදහන් අවස්ථාවල දී පමණි.

  1. මරණය සිදු විය හෑකි පහරදීමකදී.

  2. බරපතල තුවාල සිදු විය හෑකි පහරදීමදී.

  3. ස්ත්‍රී දූෂණය කිරීමේ අදහසින් සිදු කරන පහරදීමකදී.

  4. අස්වාභාවික ලෙස කාමය සංසිදවා ගෑනීමේ අදහසින් කරනු ලබන පහරදීමකදී.

  5. අපහරණය හෝ පෑහෑර ගෙන යාමේ අදහසින් කරන පහරදීමක දී.

  6. අයුතු සිර කර ගෑනීමේ අදහසින් කරන පහරදීමක දී.

  7. කොල්ල කෑම.

  8. රාත්‍රි කාලයේ දි ගෙවල් බිදිම.

  9. මානුෂ්‍ය වාසස්ථානයකට ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍ය යොදා අනර්ථය සිදු කිරිම.

ඉතිරි සෑම අවස්ථාවකදීම බලය පාවිච්චි කල හෑක්කේ වරද සිදු කරන්නාට බරපතල තුවාල සිදු කිරිමක් දක්වා පමණි.

එහෙත් අයිතිය අයුතු ලෙස භාවිතා කල නොහෑක.ආරක්ෂාව සදහා අවශ්‍ය වන ප්‍රමාණයට හෑර ඊට වඩා පීඩාවක් සිදු කල නොහෑකිය.ආණ්ඩුවේ බලධාරීන්ගේ රැකවරණය ලබා ගෑනීමට කාලය තිබේ නම් පුද්ගලික ආරක්ෂාවේ බලය නෑත.නිලයේ නාමයෙන් සහ සත්භාවයෙන් ක්‍රියා කරන රජයේ සේවකයෙකුට එරෙහිව ද මෙම බලය යෙදවිය නොහෑක.

7 responses to “අපරාධ නීතිය

Subscribe to comments with RSS.

  1. ගොඩක් අගය කරනවා සොයුරිය. දිගටම ලියන්ඩ.

  2. woooooooow grt akkoooooooo……………………

  3. great work udani

  4. This is great work sister

Leave a comment